Sunday, August 28, 2022



මතක සටහනක නුඹ නොමැති අකුරක් නැති තරම්.
සිහිනයක දැවටෙන්න නුඹ මට දුන්නේ අල්ප මතකයක්..
හිත සනසන්න නුඹ ගෙනෙන්නෙ ලස්සන පද පෙලී..
සිතට දැනෙනවා නුඹව...
අනෙ තවත් දවසක් සිටියා නම් නුඹත්...

Saturday, November 7, 2020

අනේ නුඹත් ඒ අහස වැනිය

                දහවල්ට හිරු අයිතිය කියන

                  රැයට සඳු ආදරය කරන

              වළාකුළු වලින් හැඩවී සිටින

                   මහ තේජසකින් පිරුන

                       මෙ අහස ඔබ වැනිය


                  ජීවිතයම ආදරෙන් පුරෝන

            හැම මොහොතෙම මා සිත සනසන

                  හඬා වැටෙන මසිත නලවන

                   අනේ නුඹත් ඒ අහස වැනිය



                  



Friday, October 23, 2020

නුඹ

            නුඹ

            සමග මම විඳවීම...

             කිසිත් නොහැගෙන සෙ 

             මහමෙරක් සිත තියා

             කිසිත් නැති විලසට 

             නුඹ සමග විඳවමි....

Wednesday, September 23, 2020

නූඹ


               හිඳී මම නිහඩවම නුඹ සිහි කරමින්..

                               කල්පයක් තරම් .....

                      මිය යන්න හදන ඒ මතකය....

                     නූඹ දුන් සෙනෙහසත් රැගෙන..

               ඒ මතක මාවතේ එක්වරක් වත් එන්න...

                    මොහොතකට මසිත සනසා ගන්න...



මග බලා ඉමි මම තවම


 මග බලන් උන්නා නුඹ එනතුරු..  

ගිලන්ව ගිය නුඹ දෙස බලාන උන් කඳුළු සමග.. 

සොලොස් වසක් ගියද නුඹ එනතුරු මග බලමි...

කියන්නට දහසක් දෙ සිතැතිව.....

මසිතත් ,කඳුලත් දොරගුළු ලා වසා නුඹ එනතුරු මග බලමි...

සොයන්නට තැනක් වෙ නම් ලොව පීරා නුඹ සොයමි.  


Saturday, September 12, 2020

 දරා ගැනීමේ සීමාව ඉක්මවූ පසු මිනිසුන් අරගල කිරීම නවතා නිහඬ වනු ඇත..

Tuesday, September 8, 2020


 තුහින මලක් මම.....

තණ අග සුපිපුණු.....

බලා හිඳිමි රන් හිරු රැස් එන මග...

ඉන් එලි බිඳකට .....

මොහොතක් පෙම් කර ....

සැඟවෙමි දිදුලන මතකය පොදි බැඳ....