Saturday, November 7, 2020

අනේ නුඹත් ඒ අහස වැනිය

                දහවල්ට හිරු අයිතිය කියන

                  රැයට සඳු ආදරය කරන

              වළාකුළු වලින් හැඩවී සිටින

                   මහ තේජසකින් පිරුන

                       මෙ අහස ඔබ වැනිය


                  ජීවිතයම ආදරෙන් පුරෝන

            හැම මොහොතෙම මා සිත සනසන

                  හඬා වැටෙන මසිත නලවන

                   අනේ නුඹත් ඒ අහස වැනිය



                  



Friday, October 23, 2020

නුඹ

            නුඹ

            සමග මම විඳවීම...

             කිසිත් නොහැගෙන සෙ 

             මහමෙරක් සිත තියා

             කිසිත් නැති විලසට 

             නුඹ සමග විඳවමි....

Wednesday, September 23, 2020

නූඹ


               හිඳී මම නිහඩවම නුඹ සිහි කරමින්..

                               කල්පයක් තරම් .....

                      මිය යන්න හදන ඒ මතකය....

                     නූඹ දුන් සෙනෙහසත් රැගෙන..

               ඒ මතක මාවතේ එක්වරක් වත් එන්න...

                    මොහොතකට මසිත සනසා ගන්න...



මග බලා ඉමි මම තවම


 මග බලන් උන්නා නුඹ එනතුරු..  

ගිලන්ව ගිය නුඹ දෙස බලාන උන් කඳුළු සමග.. 

සොලොස් වසක් ගියද නුඹ එනතුරු මග බලමි...

කියන්නට දහසක් දෙ සිතැතිව.....

මසිතත් ,කඳුලත් දොරගුළු ලා වසා නුඹ එනතුරු මග බලමි...

සොයන්නට තැනක් වෙ නම් ලොව පීරා නුඹ සොයමි.  


Saturday, September 12, 2020

 දරා ගැනීමේ සීමාව ඉක්මවූ පසු මිනිසුන් අරගල කිරීම නවතා නිහඬ වනු ඇත..

Tuesday, September 8, 2020


 තුහින මලක් මම.....

තණ අග සුපිපුණු.....

බලා හිඳිමි රන් හිරු රැස් එන මග...

ඉන් එලි බිඳකට .....

මොහොතක් පෙම් කර ....

සැඟවෙමි දිදුලන මතකය පොදි බැඳ....

ඔබෙ උණුහුම

ලය පැලනෙ තරමට මට දැනෙන 

නුඹෙ සෙනහස

කැටි කර මා ළය හොවා ගත හැකිනම් 

වදනට නොනැගිය හැකි ඒ බැඳීම..

නුඹ කෙසේ නම් නුඹම වූවාද....



Monday, September 7, 2020


 ජවීතෙ අපි මහ මෙරක් තරමට දුක් උහුලනවා..

ඒ දුකත් තමන්ගෙ කරගෙන..

අපෙන් ප්‍රයොජන ගන්න මිනිස්සු කොයි තරම් ඉන්නවාද

නුඹ නුඹම වනු ඇත..


නුඹ නම් නුඹම වනු ඇත..

අර්ථ කථන දී ..

නුඹ මරා දමන්න මට නොසිතෙ..

කනට මිහිරි ගීතයක් ...

සවනට සොඳුරු රසයක්.

මනසට මෘදු වදනක් ....

ජීවයට ජවයක් දෙ නම් ...

ඒ ඔබම වනු ඇත..


මතක සැමරුම


දවසට දහස් වතාවක් මම නුඹ සිහි කරමි.

ලබන්නට නොව

මසිතසනසා ගන්නටය... 

නුඹගෙ මතකයෙන් දවස ගෙවමි.. 

නුඹ සමග ජීවත් වෙමි... 

නුඹ හැර මට අන් යමෙක් නොවෙ....

රෙක නුඹ මා මුලාවට ලක්කරන්නේ දැයි               සිතමි... 

එසැනින් නුඹ සෑහෙ නම් මම කුමකට තැවෙමි දැයි මසිත සනසා ගමි...

 ජීවත් වෙන්නට කීයා ඇති එකම සිහිනය දෙස මම ඇසි පිය නොහෙළා බලමි... 

එසැනින් නුඹ මගෙ මතකයට එනු ඇත..

Monday, August 10, 2020

නුඹ මගේ මුළු ලොවම වනු ඇත.

නුඹට මා නොදැනෙන වග නම් සැබෑය,
දැනුනද නොදැනුනා සේ හිඳින්නට නම් නුඹට ඕනෑකම ඇත,
අහිතක් හිතන්නට නොහැකි කමින් මා පසුතැවෙමි,
අනන්තවත් නුඹේ මතකයෙන් දවස ගෙවෙමි,
නුඹට නම් එය නොදැනුනා වන්නට ඇත,
එහෙත්,අතීතයක්,අනාගතයක්,නැති නුඹත් මමත් ගැන සිහින මවමි,
ඒ සිහිනයේ හිඳින්නේ නුඹත් මමත් මගේ සිහින් ලොවත් පමණි,
ඉඳින් මම එඉන් සැනහේ,
අහිතක් හිතන්නට නොව,
වරදක් කරන්නට නොව,
බලාපොරොත්තු පොදි බඳින්නට ද නොව,
ඔබ රිදවන අටියෙන්ද නොව,
සිත රවටා මොහොතක සතුටක් ලබන්නටය,
ඇත්තේ මසිත සුවපත් කර ඒ මතකය සමග ජිවත් වන්නටය,
නුඹෙන් මා කිසිවක් නොඉල්ලමි,
ඉල්ලන්නට සිතක්ද නොවේ,
යදින්නට යම් දෙයක් නොතිබුණද,
කියන්නට නම් දහසක් දේ මසිතවේ,
එහෙත් අසන්නෙකු නැති තැන,
කියන්නේ කා හටද,
මෙතරම් මා නුඹ ගැන සිතන්නේ මන්දැයි මම නොදනිමි,
එවන් වූ සෙනෙහසක්,බැඳීමක් නුඹ මා හට දුන්නේ මන්දැයි මා නොදනිමි,
හඬන්නට කඳුළු නැති මා නෙතට සතුටු කඳුලක් එක් කරන්නට මම නුඹ ගැන සිහින මවමි,
ඉඳින් මේ ලොව මා ගැන සිතනා කෙනෙක් ඇත්නම්,
ඒ නුඹ වන්නට ඇත,
ජිවිතයේ සිහින මවන්නට නුපුරුදු මට සිහින පෙන්වුයේ නුඹය,
අහිතක් නොසිතමි,
සිත් රිදවා,තලාපෙලා දමන්නට යමෙකුට හැකිවුවද,
මසිත වූ සිහින උදුරා විනාශ කරදමන්නට නොහැකිය,
අන් යමක් නොලැබුනද,මසිත සුවපත් වන්නට ඒ සිහිනය ප්‍රමාණවත් විය,
ඉදින් නුඹ මගේ ජීවිතය විය,
නුඹ මගේ සිහිනය විය,දිවිය පුරා මසිත සතුටින් රැඳෙන මගේ ජිවය වන්නට ඇත,
ඉඳින් නුඹ මගේ මුළු ලොවම වනුඇත,