Tuesday, June 21, 2011

නුඹ මගේ මුළු ලොවම වනු ඇත.

නුඹට මා නොදැනෙන වග නම් සැබෑය,
දැනුනද නොදැනුනා සේ හිඳින්නට නම් නුඹට ඕනෑකම ඇත,
අහිතක් හිතන්නට නොහැකි කමින් මා පසුතැවෙමි,
අනන්තවත් නුඹේ මතකයෙන් දවස ගෙවෙමි,
නුඹට නම් එය නොදැනුනා වන්නට ඇත,
එහෙත්,අතීතයක්,අනාගතයක්,නැති නුඹත් මමත් ගැන සිහින මවමි,
ඒ සිහිනයේ හිඳින්නේ නුඹත් මමත් මගේ සිහින් ලොවත් පමණි,
ඉඳින් මම එඉන් සැනහේ,
අහිතක් හිතන්නට නොව,
වරදක් කරන්නට නොව,
බලාපොරොත්තු පොදි බඳින්නට ද නොව,
ඔබ රිදවන අටියෙන්ද නොව,
සිත රවටා මොහොතක සතුටක් ලබන්නටය,
ඇත්තේ මසිත සුවපත් කර ඒ මතකය සමග ජිවත් වන්නටය,
නුඹෙන් මා කිසිවක් නොඉල්ලමි,
ඉල්ලන්නට සිතක්ද නොවේ,
යදින්නට යම් දෙයක් නොතිබුණද,
කියන්නට නම් දහසක් දේ මසිතවේ,
එහෙත් අසන්නෙකු නැති තැන,
කියන්නේ කා හටද,
මෙතරම් මා නුඹ ගැන සිතන්නේ මන්දැයි මම නොදනිමි,
එවන් වූ සෙනෙහසක්,බැඳීමක් නුඹ මා හට දුන්නේ මන්දැයි මා නොදනිමි,
හඬන්නට කඳුළු නැති මා නෙතට සතුටු කඳුලක් එක් කරන්නට මම නුඹ ගැන සිහින මවමි,
ඉඳින් මේ ලොව මා ගැන සිතනා කෙනෙක් ඇත්නම්,
ඒ නුඹ වන්නට ඇත,
ජිවිතයේ සිහින මවන්නට නුපුරුදු මට සිහින පෙන්වුයේ නුඹය,
අහිතක් නොසිතමි,
සිත් රිදවා,තලාපෙලා දමන්නට යමෙකුට හැකිවුවද,
මසිත වූ සිහින උදුරා විනාශ කරදමන්නට නොහැකිය,
අන් යමක් නොලැබුනද,මසිත සුවපත් වන්නට ඒ සිහිනය ප්‍රමාණවත් විය,
ඉදින් නුඹ මගේ ජීවිතය විය,
නුඹ මගේ සිහිනය විය,දිවිය පුරා මසිත සතුටින් රැඳෙන මගේ ජිවය වන්නට ඇත,
ඉඳින් නුඹ මගේ මුළු ලොවම වනුඇත,

Monday, June 20, 2011

ජිවිතය ......

ජීවිතේ තනි වුනු මට....මහා ලොකු බලාපොරොත්තු තිබ්බෙ නෑ....මට හිතුනේ අහිංසක වෙන තරමට ජීවිතයට දුකක් මිස සතුටක් කවදාවත් හිමි නෑ කියලා......දුක හිතෙන වසන්තයක් අවා...ඒ  අරන් ආව ඔයාගෙන් ඉගෙන ගත්තා..ජීවිතේම ....හෑමදාමත් මා ලග ඉදලා.......ඔයා නෑති දවසක කොහොම දවස ගෙවන්නද කියලා අදටත් හිතනවා....අමාරුවෙන් ගොඩ ගත්තු හිතක් මා ලග තියෙන්නෙ කියලා දෑනගෙනම..... ඇයි ඔයා මාව තනි කරලා ගියේ කියන්න ...මට කියන්න රත්තරන්.... එකම වතාවක්.......ඔයාව දකින්න ඇත් නම් කියල මගේ හිත මට කියන්නේ ඇයි කියන්න...කාලයක් මම හිත හදාගත්තේ, ඔය මේ ලෝකේ කොහේ හරි ඇති කියල හිතල,එත්..ජිවිතේ කියන්නේ මේකද???

Monday, June 13, 2011

මම තාමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් එක්ක....

මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ ඔයාව දකිද්දී.. ඔයාව ඇහෙද්දී.....

මම තාමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් එක්ක.....

හැමදාම වගේ අදත් කදුළු මාව අඩවන්න කලින් ඔයා දිහා එකම එක පාරක් බලලා යන්නම්..

එකම එක පාරක් මා එක්ක හිනාවෙන්න......අමතක නොවෙන්න ....

හැමදාමත් වගේ දකින්න....

ඔය ඇස දෙක දකින්න....

ඔයාට මතකද ඔය ඉස්සරම දවසක මට කිව "මම මරුන දවසට ඔයා ඔය විදියට කගේ ඇස දිහාද බලන්නේ" කියල..."ඔයා කාටද ඔය විදියට මැරෙන්න ආදරය කරන්නේ "කියල ....

ඔබේ සෙනෙහස.

                                                                                                                                                                                                                                                                                                                                                         
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     දුහුල් හිරිපොද වැස්‌ස සුළගට හාද වෙනකොට                                                                               මට මතකයි මමත් පියමන් කලා හිමින් හිමින්
                                         ඔබේ සෙනෙහෙ පියාපත යටට....
                                         කියාගන්නට බැරිව ගොලු වුණු දහසක්‌ සිතුවිලි
                                        හුවමාරු කරගත් ඒ වසන්ත දෙහෝරාව....
                                        අපි අපටම නොපෙනෙන වස්‌සානයක
                                        අතිනත් අරන් පියමන් කරපු යුගය
                                        අද වියැකී ගියත් ......
                                        ඔබ දුන්නු සෙනෙහෙ බිදක්‌ ඇත තවම
                                        නොමැකෙන සේ හදපතුලේ..............

Thursday, June 9, 2011

ජීවිතය 

                                                                                                                                                                                                                                     හිතට දැනෙන්නේ මහා පුදුමාකාර පාලුවක්.. තනිකමක්.. මුලු ලෝකෙම මගෙත් එක්ක උරන වෙලා වගෙයි.. අපිව තෙරුම් ගන්න කවුරුත් නැහැ.. තෙරුම් ගත්තත් ඒ වගක් පෙන්වන්නෙත් නැහැ.. පාලු හැන්දෑවක මලානික මුහුදු වෙරළේ කිරළ ගහක් යටට වෙළා කකුලක් පිට කකුලක් දාගෙන බැසයන මළහිරු දිහා බලාගෙන ජීවිතයේ අතීත මතක සටහන් මෙනෙහි කරන්නට ඇත්නම්... හැමදෙයක්ම අතීතයට භාර දීලා අලුතෙන් ජීවිතය පටන් ගන්න පුලුවන් නම්.. අනේ මන්දා...????