Tuesday, June 21, 2011

නුඹ මගේ මුළු ලොවම වනු ඇත.

නුඹට මා නොදැනෙන වග නම් සැබෑය,
දැනුනද නොදැනුනා සේ හිඳින්නට නම් නුඹට ඕනෑකම ඇත,
අහිතක් හිතන්නට නොහැකි කමින් මා පසුතැවෙමි,
අනන්තවත් නුඹේ මතකයෙන් දවස ගෙවෙමි,
නුඹට නම් එය නොදැනුනා වන්නට ඇත,
එහෙත්,අතීතයක්,අනාගතයක්,නැති නුඹත් මමත් ගැන සිහින මවමි,
ඒ සිහිනයේ හිඳින්නේ නුඹත් මමත් මගේ සිහින් ලොවත් පමණි,
ඉඳින් මම එඉන් සැනහේ,
අහිතක් හිතන්නට නොව,
වරදක් කරන්නට නොව,
බලාපොරොත්තු පොදි බඳින්නට ද නොව,
ඔබ රිදවන අටියෙන්ද නොව,
සිත රවටා මොහොතක සතුටක් ලබන්නටය,
ඇත්තේ මසිත සුවපත් කර ඒ මතකය සමග ජිවත් වන්නටය,
නුඹෙන් මා කිසිවක් නොඉල්ලමි,
ඉල්ලන්නට සිතක්ද නොවේ,
යදින්නට යම් දෙයක් නොතිබුණද,
කියන්නට නම් දහසක් දේ මසිතවේ,
එහෙත් අසන්නෙකු නැති තැන,
කියන්නේ කා හටද,
මෙතරම් මා නුඹ ගැන සිතන්නේ මන්දැයි මම නොදනිමි,
එවන් වූ සෙනෙහසක්,බැඳීමක් නුඹ මා හට දුන්නේ මන්දැයි මා නොදනිමි,
හඬන්නට කඳුළු නැති මා නෙතට සතුටු කඳුලක් එක් කරන්නට මම නුඹ ගැන සිහින මවමි,
ඉඳින් මේ ලොව මා ගැන සිතනා කෙනෙක් ඇත්නම්,
ඒ නුඹ වන්නට ඇත,
ජිවිතයේ සිහින මවන්නට නුපුරුදු මට සිහින පෙන්වුයේ නුඹය,
අහිතක් නොසිතමි,
සිත් රිදවා,තලාපෙලා දමන්නට යමෙකුට හැකිවුවද,
මසිත වූ සිහින උදුරා විනාශ කරදමන්නට නොහැකිය,
අන් යමක් නොලැබුනද,මසිත සුවපත් වන්නට ඒ සිහිනය ප්‍රමාණවත් විය,
ඉදින් නුඹ මගේ ජීවිතය විය,
නුඹ මගේ සිහිනය විය,දිවිය පුරා මසිත සතුටින් රැඳෙන මගේ ජිවය වන්නට ඇත,
ඉඳින් නුඹ මගේ මුළු ලොවම වනුඇත,