Tuesday, September 8, 2020


 තුහින මලක් මම.....

තණ අග සුපිපුණු.....

බලා හිඳිමි රන් හිරු රැස් එන මග...

ඉන් එලි බිඳකට .....

මොහොතක් පෙම් කර ....

සැඟවෙමි දිදුලන මතකය පොදි බැඳ....

ඔබෙ උණුහුම

ලය පැලනෙ තරමට මට දැනෙන 

නුඹෙ සෙනහස

කැටි කර මා ළය හොවා ගත හැකිනම් 

වදනට නොනැගිය හැකි ඒ බැඳීම..

නුඹ කෙසේ නම් නුඹම වූවාද....



Monday, September 7, 2020


 ජවීතෙ අපි මහ මෙරක් තරමට දුක් උහුලනවා..

ඒ දුකත් තමන්ගෙ කරගෙන..

අපෙන් ප්‍රයොජන ගන්න මිනිස්සු කොයි තරම් ඉන්නවාද

නුඹ නුඹම වනු ඇත..


නුඹ නම් නුඹම වනු ඇත..

අර්ථ කථන දී ..

නුඹ මරා දමන්න මට නොසිතෙ..

කනට මිහිරි ගීතයක් ...

සවනට සොඳුරු රසයක්.

මනසට මෘදු වදනක් ....

ජීවයට ජවයක් දෙ නම් ...

ඒ ඔබම වනු ඇත..


මතක සැමරුම


දවසට දහස් වතාවක් මම නුඹ සිහි කරමි.

ලබන්නට නොව

මසිතසනසා ගන්නටය... 

නුඹගෙ මතකයෙන් දවස ගෙවමි.. 

නුඹ සමග ජීවත් වෙමි... 

නුඹ හැර මට අන් යමෙක් නොවෙ....

රෙක නුඹ මා මුලාවට ලක්කරන්නේ දැයි               සිතමි... 

එසැනින් නුඹ සෑහෙ නම් මම කුමකට තැවෙමි දැයි මසිත සනසා ගමි...

 ජීවත් වෙන්නට කීයා ඇති එකම සිහිනය දෙස මම ඇසි පිය නොහෙළා බලමි... 

එසැනින් නුඹ මගෙ මතකයට එනු ඇත..

Monday, August 10, 2020

නුඹ මගේ මුළු ලොවම වනු ඇත.

නුඹට මා නොදැනෙන වග නම් සැබෑය,
දැනුනද නොදැනුනා සේ හිඳින්නට නම් නුඹට ඕනෑකම ඇත,
අහිතක් හිතන්නට නොහැකි කමින් මා පසුතැවෙමි,
අනන්තවත් නුඹේ මතකයෙන් දවස ගෙවෙමි,
නුඹට නම් එය නොදැනුනා වන්නට ඇත,
එහෙත්,අතීතයක්,අනාගතයක්,නැති නුඹත් මමත් ගැන සිහින මවමි,
ඒ සිහිනයේ හිඳින්නේ නුඹත් මමත් මගේ සිහින් ලොවත් පමණි,
ඉඳින් මම එඉන් සැනහේ,
අහිතක් හිතන්නට නොව,
වරදක් කරන්නට නොව,
බලාපොරොත්තු පොදි බඳින්නට ද නොව,
ඔබ රිදවන අටියෙන්ද නොව,
සිත රවටා මොහොතක සතුටක් ලබන්නටය,
ඇත්තේ මසිත සුවපත් කර ඒ මතකය සමග ජිවත් වන්නටය,
නුඹෙන් මා කිසිවක් නොඉල්ලමි,
ඉල්ලන්නට සිතක්ද නොවේ,
යදින්නට යම් දෙයක් නොතිබුණද,
කියන්නට නම් දහසක් දේ මසිතවේ,
එහෙත් අසන්නෙකු නැති තැන,
කියන්නේ කා හටද,
මෙතරම් මා නුඹ ගැන සිතන්නේ මන්දැයි මම නොදනිමි,
එවන් වූ සෙනෙහසක්,බැඳීමක් නුඹ මා හට දුන්නේ මන්දැයි මා නොදනිමි,
හඬන්නට කඳුළු නැති මා නෙතට සතුටු කඳුලක් එක් කරන්නට මම නුඹ ගැන සිහින මවමි,
ඉඳින් මේ ලොව මා ගැන සිතනා කෙනෙක් ඇත්නම්,
ඒ නුඹ වන්නට ඇත,
ජිවිතයේ සිහින මවන්නට නුපුරුදු මට සිහින පෙන්වුයේ නුඹය,
අහිතක් නොසිතමි,
සිත් රිදවා,තලාපෙලා දමන්නට යමෙකුට හැකිවුවද,
මසිත වූ සිහින උදුරා විනාශ කරදමන්නට නොහැකිය,
අන් යමක් නොලැබුනද,මසිත සුවපත් වන්නට ඒ සිහිනය ප්‍රමාණවත් විය,
ඉදින් නුඹ මගේ ජීවිතය විය,
නුඹ මගේ සිහිනය විය,දිවිය පුරා මසිත සතුටින් රැඳෙන මගේ ජිවය වන්නට ඇත,
ඉඳින් නුඹ මගේ මුළු ලොවම වනුඇත,

Monday, March 26, 2018




                  සිතිවිලි ඉගිලෙන්න හදනවා....
                  එත් ඒවාට පන දෙන්න බැහැනේ ....
                  දකින්න ඇත්නම් කියන සිතිවිල්ල දවසට දහස් වතාවක් එනවා....
                  ඒ නුඹ එයි කියල නම් නෙවි,දවසක නුඹව දකින්න ලැබේවි කියලා......
                  සමහර දේවල් ජිවිතේ වෙන්නේ හරි පුදුම විදියට......
                  බැඳීම් වලට පන දෙන්න බැහැ ....
                  එත් මෙහෙමයි කියල විග්‍රහ කරලා කියන්නත් බැහැ .....