Friday, July 8, 2011

අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....

                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්.....
                                  මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රැල වී ඔබව සිප ගන්නම්....
                                  පලා පැහැයෙන්  දිදුල කඳුවලියේ,අතුල පිනි මතුයේ.....
                                  සඳක් සේ මා ඔබට දැල් වෙන්නම්....
                                  ඔබේ කඳුලැලි සෙමින් පිසලන්නම්....
                                  දෑස රවටන මිරිඟු දිය තලයේ ...
                                  වැටෙන උණු කඳුලේ....
                                  අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....
                                  මිරිඟු දිය මැද කෙම්බිමක් වන්නම්....
                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්...

1 comment:

sansarasidu said...

ලස්සන පද පෙළක්...



මේ Word Verification ඉවත් කළොත් කමෙන්ට් කරන අයට ගොඩක් ලොකු පහසුවක් වෙයි..