Saturday, September 10, 2011

තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා

ජිවිතේ තනි උන වෙලාවට තමන්ටම කියල කෙනෙක් හිටියනම් කියල හිතෙන තැන් අනන්තයි,
එත් නුඹේ මතකයත් එක්ක ඒ සිතිවිල්ල හැමදාමත් පසුබැස්ස.
මතකයත් එක්ක ජිවත් වෙන්න හිත හදාගත්තේ අද ඊයේ නම් නෙවි.
ඒ හැම මොහෙතේම 
නුඹ මසිතට එක් කරන්නේ අපේ අතීත සැමරුම් .
හිත හදාගන්න හදපු වෙලාවල් තිබුන.
එත් සිත වෙහෙසල හිතල හිතල
මම අයිමත් අවේ හිටපු තැනට මයි.
අනේ.. නුඹේ මතකෙත් එක්ක,
නුඹ නැතත් නුඹත් සමග දොඩමලු වන මොහොත
අස ගැටෙන මානයක නුඹ නැතත් .
මම දන්නේ තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා කියල විතරයි..

No comments: