Monday, September 7, 2020

මතක සැමරුම


දවසට දහස් වතාවක් මම නුඹ සිහි කරමි.

ලබන්නට නොව

මසිතසනසා ගන්නටය... 

නුඹගෙ මතකයෙන් දවස ගෙවමි.. 

නුඹ සමග ජීවත් වෙමි... 

නුඹ හැර මට අන් යමෙක් නොවෙ....

රෙක නුඹ මා මුලාවට ලක්කරන්නේ දැයි               සිතමි... 

එසැනින් නුඹ සෑහෙ නම් මම කුමකට තැවෙමි දැයි මසිත සනසා ගමි...

 ජීවත් වෙන්නට කීයා ඇති එකම සිහිනය දෙස මම ඇසි පිය නොහෙළා බලමි... 

එසැනින් නුඹ මගෙ මතකයට එනු ඇත..

Monday, August 10, 2020

නුඹ මගේ මුළු ලොවම වනු ඇත.

නුඹට මා නොදැනෙන වග නම් සැබෑය,
දැනුනද නොදැනුනා සේ හිඳින්නට නම් නුඹට ඕනෑකම ඇත,
අහිතක් හිතන්නට නොහැකි කමින් මා පසුතැවෙමි,
අනන්තවත් නුඹේ මතකයෙන් දවස ගෙවෙමි,
නුඹට නම් එය නොදැනුනා වන්නට ඇත,
එහෙත්,අතීතයක්,අනාගතයක්,නැති නුඹත් මමත් ගැන සිහින මවමි,
ඒ සිහිනයේ හිඳින්නේ නුඹත් මමත් මගේ සිහින් ලොවත් පමණි,
ඉඳින් මම එඉන් සැනහේ,
අහිතක් හිතන්නට නොව,
වරදක් කරන්නට නොව,
බලාපොරොත්තු පොදි බඳින්නට ද නොව,
ඔබ රිදවන අටියෙන්ද නොව,
සිත රවටා මොහොතක සතුටක් ලබන්නටය,
ඇත්තේ මසිත සුවපත් කර ඒ මතකය සමග ජිවත් වන්නටය,
නුඹෙන් මා කිසිවක් නොඉල්ලමි,
ඉල්ලන්නට සිතක්ද නොවේ,
යදින්නට යම් දෙයක් නොතිබුණද,
කියන්නට නම් දහසක් දේ මසිතවේ,
එහෙත් අසන්නෙකු නැති තැන,
කියන්නේ කා හටද,
මෙතරම් මා නුඹ ගැන සිතන්නේ මන්දැයි මම නොදනිමි,
එවන් වූ සෙනෙහසක්,බැඳීමක් නුඹ මා හට දුන්නේ මන්දැයි මා නොදනිමි,
හඬන්නට කඳුළු නැති මා නෙතට සතුටු කඳුලක් එක් කරන්නට මම නුඹ ගැන සිහින මවමි,
ඉඳින් මේ ලොව මා ගැන සිතනා කෙනෙක් ඇත්නම්,
ඒ නුඹ වන්නට ඇත,
ජිවිතයේ සිහින මවන්නට නුපුරුදු මට සිහින පෙන්වුයේ නුඹය,
අහිතක් නොසිතමි,
සිත් රිදවා,තලාපෙලා දමන්නට යමෙකුට හැකිවුවද,
මසිත වූ සිහින උදුරා විනාශ කරදමන්නට නොහැකිය,
අන් යමක් නොලැබුනද,මසිත සුවපත් වන්නට ඒ සිහිනය ප්‍රමාණවත් විය,
ඉදින් නුඹ මගේ ජීවිතය විය,
නුඹ මගේ සිහිනය විය,දිවිය පුරා මසිත සතුටින් රැඳෙන මගේ ජිවය වන්නට ඇත,
ඉඳින් නුඹ මගේ මුළු ලොවම වනුඇත,

Monday, March 26, 2018




                  සිතිවිලි ඉගිලෙන්න හදනවා....
                  එත් ඒවාට පන දෙන්න බැහැනේ ....
                  දකින්න ඇත්නම් කියන සිතිවිල්ල දවසට දහස් වතාවක් එනවා....
                  ඒ නුඹ එයි කියල නම් නෙවි,දවසක නුඹව දකින්න ලැබේවි කියලා......
                  සමහර දේවල් ජිවිතේ වෙන්නේ හරි පුදුම විදියට......
                  බැඳීම් වලට පන දෙන්න බැහැ ....
                  එත් මෙහෙමයි කියල විග්‍රහ කරලා කියන්නත් බැහැ .....

Friday, May 3, 2013

හිනා වෙලා ඉන්න හැම මොහොතකම.....
මට ඔයාව මතක් වෙනවා ඒ ඇයිද දන්න වද.......
මට හිනා වෙන්න කියල දුන්නේ ඔය නිසා ........
තනි වෙලා ඉන්න හැම මොහොතකම ......
මට ඔයාව මතක් වෙනවා.....
ඒ ඇයිද දන්නවද ඔය මට තනිකම කවදාවත් දැනෙන්න නොදුන්නා නිසා.........
ඔයාගෙන් ටිකක් හරි මව ඇත් කලොත් .........
මට ගොඩක් දුක හිතෙනවා .........

ඒ ඇයිද දන්නවද ඔයාට මම ගොඩාක් ආදරය  නිසා......
..

Saturday, September 10, 2011

තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා

ජිවිතේ තනි උන වෙලාවට තමන්ටම කියල කෙනෙක් හිටියනම් කියල හිතෙන තැන් අනන්තයි,
එත් නුඹේ මතකයත් එක්ක ඒ සිතිවිල්ල හැමදාමත් පසුබැස්ස.
මතකයත් එක්ක ජිවත් වෙන්න හිත හදාගත්තේ අද ඊයේ නම් නෙවි.
ඒ හැම මොහෙතේම 
නුඹ මසිතට එක් කරන්නේ අපේ අතීත සැමරුම් .
හිත හදාගන්න හදපු වෙලාවල් තිබුන.
එත් සිත වෙහෙසල හිතල හිතල
මම අයිමත් අවේ හිටපු තැනට මයි.
අනේ.. නුඹේ මතකෙත් එක්ක,
නුඹ නැතත් නුඹත් සමග දොඩමලු වන මොහොත
අස ගැටෙන මානයක නුඹ නැතත් .
මම දන්නේ තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා කියල විතරයි..

Friday, July 8, 2011

අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....

                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්.....
                                  මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රැල වී ඔබව සිප ගන්නම්....
                                  පලා පැහැයෙන්  දිදුල කඳුවලියේ,අතුල පිනි මතුයේ.....
                                  සඳක් සේ මා ඔබට දැල් වෙන්නම්....
                                  ඔබේ කඳුලැලි සෙමින් පිසලන්නම්....
                                  දෑස රවටන මිරිඟු දිය තලයේ ...
                                  වැටෙන උණු කඳුලේ....
                                  අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....
                                  මිරිඟු දිය මැද කෙම්බිමක් වන්නම්....
                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්...

Monday, June 20, 2011

ජිවිතය ......

ජීවිතේ තනි වුනු මට....මහා ලොකු බලාපොරොත්තු තිබ්බෙ නෑ....මට හිතුනේ අහිංසක වෙන තරමට ජීවිතයට දුකක් මිස සතුටක් කවදාවත් හිමි නෑ කියලා......දුක හිතෙන වසන්තයක් අවා...ඒ  අරන් ආව ඔයාගෙන් ඉගෙන ගත්තා..ජීවිතේම ....හෑමදාමත් මා ලග ඉදලා.......ඔයා නෑති දවසක කොහොම දවස ගෙවන්නද කියලා අදටත් හිතනවා....අමාරුවෙන් ගොඩ ගත්තු හිතක් මා ලග තියෙන්නෙ කියලා දෑනගෙනම..... ඇයි ඔයා මාව තනි කරලා ගියේ කියන්න ...මට කියන්න රත්තරන්.... එකම වතාවක්.......ඔයාව දකින්න ඇත් නම් කියල මගේ හිත මට කියන්නේ ඇයි කියන්න...කාලයක් මම හිත හදාගත්තේ, ඔය මේ ලෝකේ කොහේ හරි ඇති කියල හිතල,එත්..ජිවිතේ කියන්නේ මේකද???