Monday, March 26, 2018




                  සිතිවිලි ඉගිලෙන්න හදනවා....
                  එත් ඒවාට පන දෙන්න බැහැනේ ....
                  දකින්න ඇත්නම් කියන සිතිවිල්ල දවසට දහස් වතාවක් එනවා....
                  ඒ නුඹ එයි කියල නම් නෙවි,දවසක නුඹව දකින්න ලැබේවි කියලා......
                  සමහර දේවල් ජිවිතේ වෙන්නේ හරි පුදුම විදියට......
                  බැඳීම් වලට පන දෙන්න බැහැ ....
                  එත් මෙහෙමයි කියල විග්‍රහ කරලා කියන්නත් බැහැ .....

Friday, May 3, 2013

හිනා වෙලා ඉන්න හැම මොහොතකම.....
මට ඔයාව මතක් වෙනවා ඒ ඇයිද දන්න වද.......
මට හිනා වෙන්න කියල දුන්නේ ඔය නිසා ........
තනි වෙලා ඉන්න හැම මොහොතකම ......
මට ඔයාව මතක් වෙනවා.....
ඒ ඇයිද දන්නවද ඔය මට තනිකම කවදාවත් දැනෙන්න නොදුන්නා නිසා.........
ඔයාගෙන් ටිකක් හරි මව ඇත් කලොත් .........
මට ගොඩක් දුක හිතෙනවා .........

ඒ ඇයිද දන්නවද ඔයාට මම ගොඩාක් ආදරය  නිසා......
..

Saturday, September 10, 2011

තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා

ජිවිතේ තනි උන වෙලාවට තමන්ටම කියල කෙනෙක් හිටියනම් කියල හිතෙන තැන් අනන්තයි,
එත් නුඹේ මතකයත් එක්ක ඒ සිතිවිල්ල හැමදාමත් පසුබැස්ස.
මතකයත් එක්ක ජිවත් වෙන්න හිත හදාගත්තේ අද ඊයේ නම් නෙවි.
ඒ හැම මොහෙතේම 
නුඹ මසිතට එක් කරන්නේ අපේ අතීත සැමරුම් .
හිත හදාගන්න හදපු වෙලාවල් තිබුන.
එත් සිත වෙහෙසල හිතල හිතල
මම අයිමත් අවේ හිටපු තැනට මයි.
අනේ.. නුඹේ මතකෙත් එක්ක,
නුඹ නැතත් නුඹත් සමග දොඩමලු වන මොහොත
අස ගැටෙන මානයක නුඹ නැතත් .
මම දන්නේ තවමත් ඒ අතීතයේ මම ජිවත් වෙනවා කියල විතරයි..

Friday, July 8, 2011

අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....

                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්.....
                                  මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රැල වී ඔබව සිප ගන්නම්....
                                  පලා පැහැයෙන්  දිදුල කඳුවලියේ,අතුල පිනි මතුයේ.....
                                  සඳක් සේ මා ඔබට දැල් වෙන්නම්....
                                  ඔබේ කඳුලැලි සෙමින් පිසලන්නම්....
                                  දෑස රවටන මිරිඟු දිය තලයේ ...
                                  වැටෙන උණු කඳුලේ....
                                  අරුත වී මා ඔබේ ළඟ ඉන්නම්....
                                  මිරිඟු දිය මැද කෙම්බිමක් වන්නම්....
                                  ගඟක් සේ ඔබ ගලා ඒ නම්, මුව දොරක් වී ඔබව හමුවන්නම්...

Monday, June 20, 2011

ජිවිතය ......

ජීවිතේ තනි වුනු මට....මහා ලොකු බලාපොරොත්තු තිබ්බෙ නෑ....මට හිතුනේ අහිංසක වෙන තරමට ජීවිතයට දුකක් මිස සතුටක් කවදාවත් හිමි නෑ කියලා......දුක හිතෙන වසන්තයක් අවා...ඒ  අරන් ආව ඔයාගෙන් ඉගෙන ගත්තා..ජීවිතේම ....හෑමදාමත් මා ලග ඉදලා.......ඔයා නෑති දවසක කොහොම දවස ගෙවන්නද කියලා අදටත් හිතනවා....අමාරුවෙන් ගොඩ ගත්තු හිතක් මා ලග තියෙන්නෙ කියලා දෑනගෙනම..... ඇයි ඔයා මාව තනි කරලා ගියේ කියන්න ...මට කියන්න රත්තරන්.... එකම වතාවක්.......ඔයාව දකින්න ඇත් නම් කියල මගේ හිත මට කියන්නේ ඇයි කියන්න...කාලයක් මම හිත හදාගත්තේ, ඔය මේ ලෝකේ කොහේ හරි ඇති කියල හිතල,එත්..ජිවිතේ කියන්නේ මේකද???

Monday, June 13, 2011

මම තාමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් එක්ක....

මම ජීවත් වෙනවා කියලා මට දැනෙන්නේ ඔයාව දකිද්දී.. ඔයාව ඇහෙද්දී.....

මම තාමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් එක්ක.....

හැමදාම වගේ අදත් කදුළු මාව අඩවන්න කලින් ඔයා දිහා එකම එක පාරක් බලලා යන්නම්..

එකම එක පාරක් මා එක්ක හිනාවෙන්න......අමතක නොවෙන්න ....

හැමදාමත් වගේ දකින්න....

ඔය ඇස දෙක දකින්න....

ඔයාට මතකද ඔය ඉස්සරම දවසක මට කිව "මම මරුන දවසට ඔයා ඔය විදියට කගේ ඇස දිහාද බලන්නේ" කියල..."ඔයා කාටද ඔය විදියට මැරෙන්න ආදරය කරන්නේ "කියල ....

ඔබේ සෙනෙහස.

                                                                                                                                                                                                                                                                                                                                                         
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     දුහුල් හිරිපොද වැස්‌ස සුළගට හාද වෙනකොට                                                                               මට මතකයි මමත් පියමන් කලා හිමින් හිමින්
                                         ඔබේ සෙනෙහෙ පියාපත යටට....
                                         කියාගන්නට බැරිව ගොලු වුණු දහසක්‌ සිතුවිලි
                                        හුවමාරු කරගත් ඒ වසන්ත දෙහෝරාව....
                                        අපි අපටම නොපෙනෙන වස්‌සානයක
                                        අතිනත් අරන් පියමන් කරපු යුගය
                                        අද වියැකී ගියත් ......
                                        ඔබ දුන්නු සෙනෙහෙ බිදක්‌ ඇත තවම
                                        නොමැකෙන සේ හදපතුලේ..............